රාජා ඇතා සිටින 1000 නෝට්ටුවේ ඇත්ත කථාව ඔබ දන්නවාද?

රාජා ඇතා

රාජා ඇතා

මොනර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙක් බව ඔබ දැන සිටියාද?

 

ඔහු නමින් උමර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතා‍ව මහනුවර දලදා මාලිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

 

උමර් ලෙබ්බේ සිටින 1000 නොට්ටුව

උමර් ලෙබ්බේ සිටින 1000 නොට්ටුව

 

ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියට එක්වු මේ හස්ති රාජයා “රාජා” නමින් නම් කළ අතර දළදා කරඬුව වැඩම වීමේ මංගල හස්ති රාජයකු සතු විය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුනු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියෙකුගේ අංග හතක් පොලොවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජාගේ හොඬය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභාවයක් ගනී. තම ඇත් ගොව්වාට අතිශය කීකරු මේ හස්තියා තීක්ෂණ බුද්ධියකින්ද යුතු බව දළදා මාලිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත.

 

1938 දී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු ලෙස පෙරහරේ ගමන් ඇරඹු රාජා වැඩි කලක් නොගොස් දළදා කරඬුව වැඩම වීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඬුව වැඩමවු රාජා හස්තියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී1986 අගෝස්තු  විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

 

කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවු රිය අනතුරකින් ඔත්පල වුයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවධානමකට ලක්වු මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රථිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙලොව හැර ගියේය.

 

මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ‍ලෝග ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍රවු රාජා හස්ති රාජයා දළදා මාලිගාවට පරිත්‍යාග කළ උමාර් ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියලා 1000 නොට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කිරීමට තීරණය කරන ලදී.

 

ස්තූතියි කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයට.

 
උපුටා ගන්නා ලද්දේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙනි.

 

  1 comment for “රාජා ඇතා සිටින 1000 නෝට්ටුවේ ඇත්ත කථාව ඔබ දන්නවාද?

  1. m m m mohamed
    27/05/2012 at 7:48 am

    nice

Leave a Reply

Your email address will not be published. Required fields are marked *