අප ගැන

සිංහල බසින් ඉස්ලාම් ධර්ම භාන්ඩාගාරය www.දාවාහ්කෝනර්.com

ඉස්ලාම් යනු බිලියන හයකට අධික ලොව වෙසෙන ජනතාව අතරින් බිලියන 1.5 ජනතාවක් සිය ඇදහීම, විශ්වාසය සහ ජීවනාලිය කරගත් අසම සම දහමයි. මෙයට ශත වසර 14 කට පෙර මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ට විශ්වයාධිපති පරම දයාබර අසම සම දෙවිදුන් වන අල්ලාහ් විසින් පහල කරන ලද අවසන් දහම වන ඉස්ලාම් මේ වන විට ලොව වේගයෙන්ම ප්‍රචලිත වන දහම බවටද පත් වී ඇත. ඉතිහාසය පුරා අභියෝග හමුවේ නොසැලී මේ දක්වා ලොව සෑම අස්සක් මුල්ලක් නෑර සැම දන හට එකලෙස සුපුවත ගෙන යන ඉස්ලාම් මේ වන විට රටවල් 58 බහුතරය අදහන දහම බවටද පත් වී ඇත. ලොව පුරා සැම අත පැතිරුණු එකම දහමද වන ඉස්ලාම් ලංකාවේද සැම අත පැතිරුණු දහමකි. ලංකාවේ උතුරේ මෙන්ම දකු‍ණෙහිද, නැගෙනහිර මෙන්ම බටහිරද එකලෙස ජනතාව අදහන ඉස්ලාම් මේ වන විට ලංකාවේ දෙවැනි බහුතර ජනතාවක් අදහන ආගම බවටද පත් වී ඇත.

ලංකාවේ ‍මුස්ලිම්වරු බොහෝ කලක් දමිල බස සිය මව්බස ලෙස භාවිත කලද එම තත්වය මේ වන විට වෙනස් වන්නට පටන් ගෙන ඇත. කොලඹ නගර‍ය තුල මේ වන විට මුස්ලිම් සිසුන් බහුතරය ඉගෙන ගන්නේ සිංහල බසිනි. මෙම තත්වය තවදුරටත් ඉදිරියේදී වර්ධනය වන බව සැමට පසක් වී ඇති කරුණකි. සිංහල බසින් සිසුන් වැඩිවන විට ඉස්ලාම් පිළිබද ප්‍රකාශන වල අවශ්‍යතාවයද දැඩි වන්නට පටන් ගෙන ඇත. එමෙන්ම දහම් පිලිබදව ගවේෂනය කරන්නන්ගේ ප්‍රමාණයද වැඩි වන්නට පටන් ගෙන ඇති නිසා සිංහල බසින් වූ ඉස්ලාමීය ප්‍රකාශණ වලට ඇත්තේ ඉතා අධික වූ ඉල්ලුමකි. මේ තත්වය තේරුම් ගත් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් ඇරඹි දාවාහ් කෝනර් ශ්‍රී  ලංකා ආයතනය මේ වන විට සිංහල බසින් ඉස්ලාමීය තොරතුරු සැපයීමේ ප්‍රමුඛයා බවටද පත් වී ඇත.

දහස් සංඛ්‍යාත ජනතාවගේ ඉස්ලාම් පිළිබද දම් පවස සනහාලමින් දාවාහ් කෝනර් විසින් ගෙන යන මේ මහා කර්තව්‍යයේ තවත් එක් පියවරක් ලෙස අප ඔබ වෙත මෙම වෙබ් අඩවිය පිලිගන්වමු. මෙය මේ අයුරින් සාක්ෂාත් කර ගැනීමය අපට කරුණාව දැක්වූ ‍දෙවිදුන් වන විශ්වයාධිපති, සර්වබලධාරී, සර්වපරාක්‍රම අල්ලාහ්ටම සියළු මහිමය හිමිය. මෙය කියවන සැමට දෙවිදුන්ගේ මහාර්ඝ දානය වන යහමග අත්වේවා යැයි අප නිරතුරුවම පතමු.

ප්‍රධාන සංස්කාරක,

www.දාවාහ්කෝනර්.com වෙබ් අඩවිය.

Popularity: 100%

3 Responses to අප ගැන

  1. Lanka1 on 23/07/2010 at 9:52 am

    ලොකු දෙයක් සහෝ,
    මටත් දෙමල දන්නෙ නෑ,සිංහලෙන් තියෙනවනම් අපිටත් තේරුම් ගන්න පුලුවන්.
    මාෂා අල්ලහ්, දිගටම කරගෙන යන්න ධෛර්ය ලැබේවා.

  2. සිරාජ් on 26/09/2010 at 9:07 pm

    හල් හම්දුලිල්ලාහ්…

  3. rimaz on 13/11/2010 at 10:38 pm

    මාෂා අල්ලාහ්‍, අල්ලාහ්ගේ උද‍ව්ව සදාකල් ‍ඔබලා සමග රැදේවාග ආමීන්ග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*