පරිශුද්ධවු අල්-කුර්ආනය මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් ජීවතුන් අතර සිටියදී ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාවයක් නොතිබීමට හේතුන් වුයේ මුලික වශයෙන් ශුද්ධවු අල්-කුර්ආනය සම්පුර්ණයෙන්ම අපගේ ශාස්තෘවරයාණන් වන නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් හට දේවානුභාවය කරණකොටගෙන කටපාඩම්ව තිබීම වන අතර, ඊට අමතරව එතුමාණන් විසින් එතුමාණන්ගේ සහගාමීන් බොහෝ දෙනෙකුද අල්-කුර්ආනය වනපොත් කර ඇත. එමනිසා අල්-කුර්ආනය ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාවයක් එම යුගයේ නොතිබුණි.
එමෙන්ම අල්-කුර්ආනය අප මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගේ සමයේම ග්‍රන්ථාරූඪ නොවීමට පහත සදහන් හේතූන්ද බලපා ඇති බවට නිගමනය කළ හැක.
01. අල්-කුර්ආනය අප මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ට දෙවිදුන් වෙතින් පහල වුයේ කාලයෙන් කාලයට කොටස් වශයෙනි. අල්-කුර්ආනය සම්පුර්ණයෙන්ම පහල වී අවසන් වු කාලයත් සමගම එතුමාගේ අභාවයද සිදු විය.
02. අල්-කුර්ආනයේ පරිච්ඡේදයන් පහල වුයේ විවිධවු අවස්ථාවන්හිදීය. නිදසුනක් ලෙස යුද්ධ අවස්ථාවන්හිදී පවා පරිච්ඡේදයන් පහල වී ඇත. එවෙලේම ලේඛණගත කිරීමට උපකරණ නොතිබෙන්නට ඇත.
එහෙත් අප මානව ශාස්තෘ වරයාණන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගේ අණ පරිදි රටඉදි පොතුවල මෙම පරිච්ඡේදයන් පිටපත් කර සුරක්ෂිත කරන ලදී. මේ සදහා විශේෂයෙන්ම සහගාමීන් කිහිප දෙනෙකු පත්කළ එතුමාණන් ඔවුන්ට කුත්තාබුල් වහී හෙවත් දේව අනාවරණ ලියන්නන් ලෙසින් හදුන්වන ලදී. ඔවුන්ගේ විශේෂිත අයගේ නාමයන් මෙසේයඃ
අලි (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) තුමාණන්
මුආවියා (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) තුමාණන්
උබයි ඉබ්නු (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) තුමාණන්
සයිද් බින් සාබිත් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) තුමාණන්
මෙයට අමතරව මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගේ අණ කිරීමකින් තොරවද සමහර සහගාමීන් අල්-කුර්ආනයේ කොටස් පිටපත් කර තබාගෙන ඇත. ඔවුන් එසේ තබාගත් බවට සාක්ෂි අල්-හදීස් හෙවත් නබිවදන් ග්‍රන්ථ වල දක්නට ලැබේ.
අප කලින් සදහන් කර පරිදි අල්-කුර්ආනය ආරක්ෂා වී තිබීමට බෙහෙවින් බලපා තිබුණේ එතුමාණන්ගේ සහගාමීන් ඒවා කටපාඩම් කරගෙන තිබීමයි. එයට ඔවුන් හට තිබුණු විශිෂ්ඨ ධාරණ ශක්තිය බෙහෙවින් බලපා ඇත. අරාබි වරුන්ගේ ස්මරණ ශක්තියට නොයෙකුත් නිදසුන් ඇත. ඉන් එකක් නම් ඔවුන් ඔවුන්ගේ පරපුර හෙවත් පැටිකිරිය පිළිවෙලින් කීමට හැකියාව ඇතිඅය වීමයි. බොහෝ විට ඔවුන්ට තමන්ගේ පරපුරේ සියයකට වැඩි නම් පිළිවෙලින් කටපාඩමින් කිවහැක. අප මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් ජීවතුන් අතර සිටියදීම ශුද්ධවු අල්-කුර්ආනය කටපාඩම් කළාවු කිහිපදෙනෙකුම සිට ඇත. ඔවුන්ගේ නම් මෙසේයඃ
අබ්දුල්ලාහ් ඉබනු මසුඋඩ් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා)
සයිද් බින් සාබිත් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා)
අබු සෛද් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා)
මුආද් ඉබ්නු ජබල් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා)
අබු දර්දා (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා)
උබයි ඉබ්නු කලබ් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා)
සාලිම් ඉබ්නු මඃකල් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා)
අපගේ මානව ශාස්තෘවරයාණන් වන (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) තුමාණන් අභාවප්‍රාප්ත වීමත් සමග ශුද්ධවු අල්-කුර්ආනය ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාවය සහාගාමීන් හට දැඩිව දැනෙන්නට විය. මේ නිසා ඔවුන් ප්‍රථමයෙන් රටඉදි පොතුවල ලියු අල්-කුර්ආන පරිච්ඡේදයන් ග්‍රන්ථාරූඪ කරන ලදී. ඉන්පසුව එම ග්‍රන්ථයේ අඩුපාඩු තිබේදැයි කටපාඩමින් අල්-කුර්ආනය රැකගත් අයවළුන් ගෙන්වා පරීක්ෂා කරන ලදී. එහිදී දක්නට ලැබුණේ අල්-කුර්ආනය එකදු තිතකුදු අඩුවක් නොමැතිව ග්‍රන්ථාරූඪව ඇති බවයි.
මෙම අල්-කුර්ආනයේ පිටපත් කිහිපයක් එවකට තිබුණු ඉස්ලාමීය ජනරජයේ විවිධ පෙදෙස් පාලනය කළ ආන්ඩුකාරවරුන් වෙත යවන ලදී. එම පිටපත් වලින් කිහිපයක් අදද අරාබි රටවල කෞතුකාගාර වල ප්‍රදර්ශනයේ තබා ඇත. එයට එක් නිදසුනක් මෙසේයඃ
අපගේ ශාස්තෘ වරයාණන් වන (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) තුමාණන්ගේ කාලයෙන් පසුව සිටි ජනාධිපතිවරයෙක් වන උස්මාන් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) තුමා මිය ගියේ සාහසිකයෙක් විසින් එල්ල කරන ලද පිහිපහරකිනි. එතුමා එම වෙලාවේ අල්-කුර්ආනය පාරායනය කරමින් පසුවී ඇත. පිහි ඇණුම් කෑ එතුමා වැටුනේ කියවමින් සිට අල්-කුර්ආනය උඩටමය. එම ලේ වැකුණු ශුද්ධවු අල්-කුර්ආන පිටපත, ලේ පැල්ලමද සහිතව, අදද තුර්කියේ ඉස්තාන්බුල් නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ප්‍රදර්ශනය කෙරේ.
Popularity: 33%

Sinhala Unicode Font Download
today first time i sow this website, so i’m very happy to study islam in sinhala.