ඉස්ලාම් දහමෙහි මූලික ප්‍රතිපත්තිය
තව්හීද් (දෙවිඳුන්ගේ ඒකීයත්වය)
ඉස්ලාම්හි උගන්වන මූලිකම සිද්ධාන්තයක් නම් දෙවිඳුන්ගේ ඒකීයත්වයයි. දෙවිඳුන්ගේ ඒකීයත්වය (ඒක දේවත්වය) යනු අල්ලාහ්ට හිමි වන සහ උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමට අනිවාර්ය කළ සෑමදේ මගින් උන්වහන්සේගේ ඒකීයත්වය සනාථ කිරීමයි. පරිශුද්ධවූ අල්-කුර්ආනය තුල අල්ලාහ් මෙසේ වදාරා ඇත.
තවද, ජින් සහ මිනිස් වර්ගයන් මා හට ඉබාදත් (සම්පූර්ණයෙන් අවනත වී මාගේ අණ පිළිගෙන ජීවත් වීමට සහ මා හට පමණක් වැඳුම් පිදුම්) කිරීමට හැර මා (ඔවුන්) මැවූයේ නැත.
අල්-කුර්ආනය 51. 56
මෙහිදී අල්ලාහ් විසින් මනුෂ්‍ය වර්ගයා නිර්මාණය කිරීමේ පරමාර්ථය පෙන්වා දී ඇත. එනම් උන්වහන්සේට නැමදුමක් වන පරිදි ජීවිතය පවත්වා ගෙන යෑමයි. සැබවින්ම මිනිසාගේ පරම වගකීම නම් විශ්වයාධිපති දෙවිඳුන් වන අල්ලාහ්ගේ පරමාර්ථය තම දිවිහිමියෙන් ඉටු කිරීමයි.
තවද අල්ලාහ් මෙසේ වදාරා ඇත.
තවද
අල්ලාහ්ට (පමණක්) වැඳුම් පිදුම් කරන්න. තවද, උන්වහන්සේට කිසිවක් සමාන නොකරන්න
අල්-කුර්ආනය 4.36
මෙම අල්-කුර්ආන් පාඨය මගින් අල්ලාහ් හට කිසිවක් සමාන නොකරන ලෙස අණකර ඇත. මිනිසාට ඇති ලොකම ප්‍රශ්ණය නම් සිය නිර්මාපකයාව වටහා ගැනීමට ඇති අපහසුවයි. මෙලෙස වටහා ගැනීමට තරම් ශක්තියක් මිනිසාට නොමැති බව සහ එහි අප්‍රායෝගිකත්වය බොහෝ අයට නොතේරේ. එමනිසා ඔවුන් දෙවිඳුන් තමන් හොඳින් දන්නා යම් යම් දේට සමාන කර උපකල්පනය කිරීමට උත්සාහ දරති. මෙහිදී තම බුද්ධිගෝචර නොවන දෙයක් ගැන උපකල්පනයක් කිරීමේ හේතුවෙන් මිනිසා විසින් දෙවිඳුන්ගේ ඒකීයත්වය කෙලෙසීමකට ලක් කරයි.
ඉස්ලාම් දෙවිඳුන්ගේ ඒකීයත්වය ගැන ඉතාමත් දැඩි ස්ථාවරයක සිටියි. කුමණ හෝ ආකාරයකට දෙවිඳුන්ට කිසිවක් සමාන කිරීම ඉස්ලාම් අනුමත නොකරයි. එමනිසා තව්හීද් – දෙවිඳුන්ගේ ඒකීයත්වය අප ඉගෙනීම අනිවාර්යය.
තව්හීද් (ඒක දේවත්වය) කොටස් තුනකි. එනම් 1. තවිහීදුල් රුබූබියා 2. තව්හීදුල් උලූහියියා 3. තව්හීද් අස්මා වස්සිෆාත් ය.
තව්හීද් විස්තර කිරීම
1. තව්හීදුල් රුබූබියියා
එනම් මවනු ලැබූ දෙයින්ද, විශ්වය පරිපාලනය කිරීම තුලින්ද අල්ලාහ්ගේ ඒකීයත්වය සනාථ වීමයි. උන්වහන්සේ ආහාර සපයන්නාවූ තැණන් වහන්සේය. ජීවය දෙන්නාවූ තැණන් වහන්සේය. විනාශ කරන්නාවූ තැණන් වහන්සේය. අහස සහ පොලොවෙහි පාලනය උන්වහන්සේ සතුය.
අල්ලාහ් මේ බව මෙසේ වදාරා ඇත.
අල්ලාහ් හැර අන් මැවුම්කාරයෙකු සිටින්නේද? උන්වහන්සේ නුඹලාට අහසෙන් සහ පොලොවෙන් ආහාර ලබා දෙන්නේය. උන්වහන්සේ හැර (වැඳුම් පිදුම් කිරීමට සුදුසු) දෙවිකෙනෙකු නොමැත.
අල්-කුර්ආනය 35.3
තවද අල්ලාහ් මෙසේ වදාරා ඇත.
කවරෙකුගේ අතෙහි රජකම (සර්ව පාලනය) තිබේද? උන්වහන්සේ ශ්‍රේෂඨ වන්තයාය. උන්වහන්සේ සියළු දේ කෙරෙහි ශක්ති වන්තයාය.
අල්-කුර්ආනය 67.1
විශ්වයෙහි ඇති සෑමදේ හි අධිපතිඳාණන් අල්ලාහ් ය. උන්වහන්සේගේ අභිමතය පරිදි එය පවතින්නේය.
පාලනය කිරීමෙන් අල්ලාහ්ගේ ඒකීයත්වය සනාථ වීම යනු උන්වහන්සේ විසින් සියළු මැවීම් පාලනය කිරීමයි.
අල්ලාහ් ඒ ගැන මෙසේ වදාරා ඇත.
දැන ගන්න මැවීමද පාලනය කිරීමද උන්වහන්සේ සතුය. අල්ලාහ් ඉමහත් ශ්‍රේෂඨ වන්තයාය. ලොව වාසීන්ගේ පෝෂකයාණන්ය.
අල්-කුර්ආනය 7. 54
මෙහි සියළු මැවීම් පාලනය කිරීම යන අරුතද අඩංගු වේ. මිනිසුන්ගෙන් සුළු පිරිසක් මෙම කොටස ප්‍රතික්ෂේප කරති. ඔවුන්ගේ ඇතුලාන්තයේ හෘදයන් මෙය තහවුරු කරන අතර, ප්‍රසිද්ධියෙන් (පමණක්) ප්‍රතික්ෂේප කරති.
අල්ලාහ් මෙසේ වදාරා ඇත.
ඔවුන්ගේ හෘදයන් (සත්‍ය බව) ස්ථිර කළද, ඔවුහු ඒවා ප්‍රතික්ෂේප කළහ.
අල්-කුර්ආනය 27.14
Popularity: 16%

Sinhala Unicode Font Download
නවතම Comments