ඉස්ලාම් යන්නෙහි අදහස කුමක්ද? මුස්ලිම් යනු කිනම් පුද්ගලයෙක්ද?
ඉස්ලාම් යන්නෙහි තේරුම
ඉස්ලාම් යනු අරාබි පදයකි. අවනත වීම, යටත් වීම හෝ කීකරු වීම යනාදි අරුත් එහි ගැබ්වේ. දහමක් වශයෙන් ඉස්ලාම් අල්ලාහ් (එනම් දෙවිදුන්)ට මුළුමනින්ම අවනත වන ලෙස සහ කීකරු වන ලෙස අපට දේශනා කර සිටී. මෙය ඉස්ලාම් යනුවෙන් හැදින්වෙන්නේ ඒ නිසාය.
අප වසන මේ විශ්වයේ එක්තරා ක්‍රමවත් සැළැස්මක් අනුව ක්‍රියාත්මක වන බව නොරහසකි. විශ්වයේ පවත්නා සෑම දෙයකම එක්තරා න්‍යායක්, පිළිවෙළක් දක්නට ඇත. සෑම වස්තුවක්ම විශිෂ්ඨ නිර්මාණයකින් යුක්තව, අගනා සැකැස්මක් සහිතව සංකිර්ණ උත්තරීතර විලසකින් ක්‍රියාත්මක වේ. ඉර, සඳ, තාරකා මෙන්ම ආකාශ වස්තූන් සියල්ලක්ම කදිම ආකාරයකින් සාමුහික පැවැත්මකින් ඒකාබද්ධව ඇත. ඒ සියල්ලක්ම නොවෙනස් කළ හැකි කාර්යය නියමයකට යටත්ව පවතී. ඒවායේ කක්ෂයන්, පථය අංශු මාත්‍රයකින් හෝ වෙනස් නොවේ. පෘථිවිය, සිය කක්ෂය වටා භ්‍රමණය වන අතරම, ඊට හිමි පථයේ හිරු වටා සුක්ෂම ලෙස කරකැවේ. මෙනයින්ම පරමානුවක් වටා කැරකෙන කුඩා ඉලෙක්ට්‍රෝනයේ සිට, අහසේ බැබළෙන දැවැන්ත තාරකා දක්වාවු වස්තූන් සියල්ලක්ම ඒ ඒවාට හිමි, නියමයට අවනතව ක්‍රියාත්මක වේ. වස්තූන්, ශක්තිය හා ජිවය යනාදී සියල්ලම තමන්ට හිමි න්‍යායට අවනතව වැඩී වෙනස්වී ජිවත්වී විනාශ වන්නේය.
මනුෂ්‍ය ලෝකයෙහි පවත්නා ස්වභාවික න්‍යායන්ද ඉදුරා චමත්කාර ජනකය. මිනිසාගේ ජන්මය, වර්ධනය හා ජිවිතය ද මුළුමනින්ම, ජිව විද්‍යාත්මකව නියමාවලියකින් පාලනය වේ. කුඩා පටකයක සිට හෘදය වස්තුව, මොළය යනාදී සියළු කායික ඉන්ද්‍රියයන්, ඒවාට සුවිශේෂ වු නියමයන්ගෙන් පාලනය වේ. කෙටියෙන් පවසතහොත්, අප අයත් වන්නේ යම් නියමයකට ධර්මතාවයකට – අවනත වු විශ්වයකි. එතුළ පවත්නා සෑම දෙයක්ම තමන්ටම ආවේනික වු න්‍යාය ධර්මය පිළිපදී.
ඉතා කුඩා දුහුවිලි අංශුවේ සිට ඈත අභ්‍යවකාශයේ දිළෙන නිහාරිකාව(Galaxy)) දක්වා විශ්ව මණ්ඩලයේ සෑම දෙයක්ම පාලනය කෙරෙන ඒසා බලගතු න්‍යාය ධර්මය, විශ්වයේ මැවුම්කරු පාලකයා හා ආරක්ෂකයා වු සර්ව බලධාරී අල්ලාහ්ගේ බල මහිමය වේ. මවනු ලැබු සියල්ලක්ම අල්ලාහ්ගේ නියමයට අවනත බැවින් මුළු විශ්ව මණ්ඩලයම ඉස්ලාම් වේ. ඒ ඉස්ලාම් යන්නෙන් අල්ලාහ්ට කීකරු විම, අවනත වීම අදහස් කෙරෙන බැවිනි. මේ අයුරින් ඉර, හඳ, තාරකා, පොළොව හා නිහාරිකාද (ගැලැක්සි) ඉස්ලාම්ය. තවද වාතය, ජලය, තාපය, ගස්, ගල් හා සිව්පාවුන් ද මුස්ලිම් වේ. අල්ලාහ්ගේ න්‍යායන්ට යටත්ව කිකරුව පවත්නා බැවින් ලොව ඇති සියල්ලම මෙනයින් ඉස්ලාම් වේ. අල්ලාහ් නොඅදහන පුද්ගලයෙකු අල්ලාහ් හැර අන් කිසිවකට පුද සත්කාර කළත් ඔහුගේ ශාරිරික අවයන්ගේ පැවැත්ම හා ක්‍රියාකාරිත්වය ගැන සළකන කල්හි ඔහුද මුස්ලිම්ය. කළල අවස්ථාවේ සිට මරණයට පත්ව පස හා මුසු වන තාක්කල්, ඔහුගේ කායික පටක පේශි බදු සෑම ඉන්ද්‍රියක්ම අල්ලාහ්ට අනුකුලව (අවනතව) ක්‍රියාත්මක වන හෙයින්, ඔහුගේ මුළුමහත් ජිවිතයම ඉස්ලාම්ය. ස්වකීය මුළාව නිසා, අල්ලාහ්ට පිටුපෑවත් බහුදේව විශ්වාසයෙන් යුතුව කතා කළත්, ඔහුගේ දිව පවා ස්වභාවයෙන්ම මුස්ලිම්ය. අල්ලාහ්ට පිටු පා අන් කිසිවකට පහත් කරන ඔහුගේ සිරස පවා මුස්ලිම්ය. සැබෑ දැනුමෙන් තොර වුව ද සෙස්සන්ට දයානුකම්පාව හා ගරුසරු දක්වන (ඔහුගේ) හෘදය වස්තුවද පිහිටීමෙන් හා පැවැත්මෙන් මුස්ලිම්ය. ඒ සියල්ලක්ම දිව්‍ය න්‍යායන්ට කීකරුය. දිව්‍ය න්‍යායන්ට පමණක් අවනතව ඒවායින් පාලනය වෙමින් ක්‍රියාත්මක වේ.
මෙය මිනිසාගේ හා විශ්වයේ යථා තත්වයයි. මෙය අන් ලෙසකින් විමසා බලමු. මිනිසා එකිනෙකාට වෙනස් වු දෙයාකාර ස්වභාවයන්ගෙන් යුක්ත වෙයි. ඉන් එකකදී මොහු ඉදුරා දිව්‍යමය පාලනයට යටත්ව සිටී. එයින් ඔබ්බට අඟලකුදු සෙළවිය නොහැකිය. කවර ක්‍රමයකින් හෝ අන්දමකින් හෝ මොහුට එයින් ඉවත්විය නොහැකිය. ඇත්තෙන්ම සෙසු ජීවීන් මෙන් මොහුද සපුරා ස්වභාව ධර්මයේ ග්‍රහනයට හසුව සිටී. ඒ අනුව හැසිරීමට බැදී සිටී. මොහුගේ ස්වභාවයේ තවත් පැත්තක් ඇත.
මෙහිදී ඔහුට විමර්ශන බුද්ධිය හා ඥානය දායාදය වශයෙන් ලැබී ඇත. සිතාමතා බැලීමට හා තීරණයක් ගැනීමට තෝරා බේරා ගැනිමට හෝ ඉවත ලෑමට පිළිගැනීමට හෝ පිළිකුල් කිරීමට බලය ඇත. තමන් විසින් තෝරා බේරා ගැනීමට හෝ ඉවත ලෑමට පිළිගැනීමට හෝ පිළිකුල් කිරිමට බලය ඇත. තමන් විසින් තෝරා ගනු ලබන අන්දමේ දිවි පැවැත්මක් ගෙන යාමට ඔහුට නිදහස ඇත. ස්වකිය අභිමතය පරිදි, ඕනෑම ආගමක් වැළඳ ගත හැකිය. ඕනෑම අන්දමක දිවි පැවැත්මක් පුරුදු පුහුණු කර ගත හැක. ස්වකිය චර්යා ධර්මය සකස් කරගත හැකිය. නැත්නම් අනුන් විසින් දියුණු කළ පැවැත්මක් අනුගමනය කළ හැකිය. සිය මනාපය පරිදි ස්වකිය පැවැත්ම සකසා ගත හැකිය. සෙසු ජීවීන්ට මෙන් නොව මිනිසාට චින්තන නිදහස මෙන්ම තෝරා බේරා ගැනිමේ හා ක්‍රියාකිරීමේ නිදහසද ලබාදී ඇත. මිනිස් දිවියක් තුළ මේ දෙවිධි ස්වභාවයක්ම මිශ්‍රව පවතී. පළමු ස්වභාවයේදී මිනිසා, සෙසු ජීවීන්මෙන් ජන්මයෙන් මුස්ලිම්ය. මුස්ලිම්වරයෙකු වීමට අනිවාර්‍යයෙන්ම සිදුව ඇත. දෙවන ස්වභාවය ගැන සැළකීමේදි මුස්ලිම්වරයෙකු වීමට හෝ නොවීමට ඔහුට නිදහස ඇත. මෙහිදී තෝරා ගැනීමේ නිදහස ඔහුට ලැබී ඇත. මෙකී නිදහස පවත්වා ගැනිමේදී මිනිස් වර්ගයා කොටස් දෙකකට බෙදෙයි. කොටසන් අල්ලාහ් අදහති. අනෙක් පිරිස අල්ලාහ් නොඅදහති. ස්වකිය මැවුම්කරු (අල්ලාහ්) හැදින ගන්නාවූ තැනැත්තා ස්වකීය ස්වාමියා වශයෙන් පිළිගනී. අවංක ලෙස හා මුළුමනින්ම අල්ලාහ්ගේ න්‍යායන්ට හා අණසකට අවනත වෙයි. ස්වකිය පෞද්ගලික හා සමාජීය ජීවිතය හැඩගස්වා ගැනීම පිණිස අල්ලාහ් අනාවරණය කළාවු විනය මාලාවන් පිලිපදිමින් පුර්ණ මුස්ලිම්වරයෙකු වෙයි. තමන්ට ලැබුණු තෝරා ගැනිමේ හැකියාව හා නිදහස හේතු කොටගෙන අල්ලාහ්ට කීකරු වීමට තීරණය කිරිම පිණිස. මොහු ඉස්ලාමයේ පුර්ණභාවය හිමිකරගත් බවත් කිව හැකිය. දැන් මොහුගේ සමස්ත ජිවිතයම අල්ලාහ්ට අවනත වුවක් වෙයි. මොහු පුර්ණ මුස්ලිම්වරයෙකි. අල්ලාහ් දුන් ඉස්ලාමයේ පරමාර්ථය මුළුමනින්ම ආත්ම අවනතභාවය දැක්වු බැවින් මොහුගේ ඉස්ලාමීය බවද සම්පුර්ණ වෙයි.
මුලදී හැගුමකින් තොරව අල්ලාහ්ට කීකරුවු මොහු, දැන් හැගුම්බරව අල්ලාහ්ට අවනත වෙයි. මුලදී සිතා නොබලා අල්ලාහ්ට සිරස නැමු මොහු දැන් සිතාමතා කැමැත්තෙන් ම සුවචව කීකරු වෙයි. සිප් හැදෑරීමට හා දැනුම ලබා ගැනීමට තමන්ට හැකියාව ලබාදුන් අල්ලාහ් සිය ස්වාමියා වශයෙන් පිළිගැනීම නිසා මොහුට දැන් ඇත්තේ සැබෑ නියම දැනුමකි. තමන්ට සිතීමේ හා ගැටළු විසදිමේ හැකියාව දුන් අල්ලාහ්ට ඉදුරා කීකරු වීමට ඉටාගත් බැවින්, දැන් මොහුගේ දිවද සත්‍යගරුකය. සිතාමතා හෝ නිරායාසයෙන් මොහුගේ ජිවිතයේ සෑම අංගයක්ම අංශයක්ම විශ්ව නායක එකම අල්ලාහ්ගේ න්‍යාය පද්ධතියට කීකරු බැවින්, මොහුගේ මුළු මහත් ජීවිතයම දැන් සත්‍යයෙන් පිරී පවතී. මුළු විශ්ව මණ්ඩලය විසින්ම අදහනු ලබන අල්ලාහ්ට මොහුද භක්තිමත් බැවින්, මොහු හා විශ්වය අතර බැදියාවක් ඇති විය. මෙබදු මිනිසා මිහිපිට අල්ලාහ්ගේ කලීෆා (නියෝජිතයා)වෙයි. මුළු ලොවම ඇත්තේ මොහු වෙනුවෙනි. මොහු අල්ලාහ් වෙනුවෙන් සිටි.
Popularity: 31%

Sinhala Unicode Font Download
පිස්සු නෑත්නම් ශෝක්.
බින් ලාඩනුත් ඔය ජතියේද?
බින් ලාඩනුත් ඔයාගේ ජාතියේමයි. මම කිව්වේ මනුස්ස ජාතියේ