ඉස්ලාමය හදුණා ගනිමු 1 කොටස

12/04/2011
By

යම් කෙනෙකු‍ට ඉතා සරලව ඉස්ලාම් දහම පිළිබව වටහා දීම සහා දාවාහ් ‍කෝනර් වෙබ් අඩවිය විසින් මෙම ඉස්ලාම් දහම හදුණා ගනිමු ලිපි මාලාව ඔබවෙත ඉදිරිපත් කරයි. මෙම ලිපි මාලාව කියවීමෙන් ඔබට ඉස්ලාමය යනු කුමක්දැයි තර්කානුකූලව වටහා ගැනීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරමු. ඔබ සැමට අල්ලාහ්ගේ මාහැගි ප්‍රධානය වන යහමග අත්වේවා යැයි මම පතමි.

සංස්කාරක

දාවාහ් කෝනර්.කොම් වෙබ් අඩවිය

ඉස්ලාම්හි තේරුම

මෙලෝ පවතින ආගම් සියල්ලක්ම හැදින්වෙන්නේ එක්කෝ එහි ශාස්තෘවරයාගේ නාමයෙන්, නැත්නම් එය ජනිත වු සමාජයේ හෝ ජාතියේ නාමයෙනි. නිදසුන් වශයෙන් ක්‍රිස්තුස් තුමා (නබි ඊසා අලෛහිස්සලාම්) හා සම්බන්ධ බැවින් ක්‍රිස්තියානි ආගම එනමින් ව්‍යවහාර වේ. බුදුදහම ගෞතම බුදුරජාණන්ගේ බුද්ධත්වය හා සම්බන්ධව පවත්නා බැවින්, බුද්ධාගම එනමින් ව්‍යවහාර වේ. සරතුශ ආගම වු කලී, එය ස්ථාපනය කළාවු සොරෝඇස්තර් තුමාගේ නම හා සම්බන්ධව ඇත. තවද යුදයා (Judea) රටේ යුදා ගෝත්‍රයේ සම්භවය ලත් නිසා, යුදෙව් දහම ඒ නමින් හැදින්වේ. සෙසු ආගම් හිද නාමයන් ව්‍යවහාරයට පත්ව ඇත්තේ මේ ආකාරයෙනි. එහෙත් ඉස්ලාම් යන නම එබදු තත්වයකින් ඇති වුවක් නොවේ. ඊට හේතුව ඉස්ලාමය කිසියම් නිශ්චිත පුද්ගලයෙකු, පිරිසක් හෝ රටක් සදහා පමණක් සිමා නොවීමයි. එමෙන්ම මෙය මිනිස් කල්පිතයකින් ජනිත වුවක්ද නොවේ. ඉස්ලාමීය වු යහපත් ගුණදහම් තුලින් සෑම ජන කොට්ඨාසයක් අතරම මේ මහගු ගුණාංගයන්ගෙන් සමන්විත වු මනා අදහස් ඇති කොට ඒවා වැඩිදියුණු කිරීම මෙහි පරමාර්ථය වේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉස්ලාම් යන්නෙන් එහි ගුණය පිළිබිඹු කෙරේ. මේ ගුණය පිහිටා ඇත්තා කවර වර්ගයකට, සමාජයකට ජාතියකට හෝ ගෝත්‍රයකට අයත් වුවද ඔහු මුස්ලිම් වරයෙකි. අල් -කුරානයේ (මුස්ලිම්වරුන්ගේ දිව්‍යමය ග්‍රන්ථයෙහි) දැක්වෙන පරිදි සෑම අවධියකම සිල්වත් ජනතාවක් විසු බව පෙනේ. ඔවුහු කවදත් මුස්ලිම් වුහ. කවදත් මුස්ලිම්වරුන් වශයෙන්ම වෙසෙති.

මෙහිදී අපට ප්‍රශ්ණයක් මතු වේ. ඉස්ලාම් යන්නෙහි අදහස කුමක්ද? මුස්ලිම් යනු කිනම් පුද්ගලයෙක්ද? මේ ගැන අප ඊලග ලිපියෙන් සාකච්ඡා කරමු.

Popularity: 24%

Tags: , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*