පරිශුද්ධවූ අල්-කුර්ආනය 114 වන පරිච්ඡේදය

17/08/2010
By

එකසිය දහ හතර වන පරිච්ඡේදය – 114 සූරාව

මක්කා හිදී පහළ විය

අන්-නාස් හෙවත් මනුෂ්‍ය වර්ගයා

අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,

1- 2.  (නබි වරය! ප්‍රාර්ථනා කර) පවසනු මැනව! මිනිසුන්ගේ හිමිගෙන් මම ආරක්ෂාව පතන්නෙමි! (උන්වහන්සේ) මිනිසුන්ගේ (සත්‍ය) රජුන්ය. (උන්වහන්සේ) මිනිසුන්ගේ (පිදුම් ලැබිය යුතු සත්‍ය) දෙවිදුන්ය.

4 6. මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකයන් ඇති කර සඟවා ගන්නා අපරාධකරුවන්ගේ විපත්තීන්ද (ආරක්ෂා කරන්නෙමි. එවැනි අපරාධකරුවන්) *ජින් වරුන්ගෙන්ද ඇත. මිනිසුන්ගෙන්ද ඇත.

* ඉස්ලාමයේ සඳහන්වන පරිදි මිනිසුන්ට සමානව තවත් ජන වර්ගයක් අල්ලාහ් මවා ඇත. ඔවුන් ජින් වරුන්ය. අල්ලාහ් අපව මවා තිබෙන්නේ මැටි වලිනි. ජින් වරුන් මවා තිබෙන්නේ ගින්නෙනි. ඔවුන්ට අපව පෙනෙන නමුදු අපට ඔවුන්ව නොපෙනේ.

Popularity: 3%

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*