පරිශුද්ධවූ අල්-කුර්ආනය 112 වන පරිච්ඡේදය

18/08/2010
By

එකසිය දොලොස් වන සූරාව – 112 වන පරිච්ඡේදය

අල්-ඉහ්ලාස් හෙවත් ඒකීයත්වය

මක්කා හිදී පහළ විය.

අසීමිත දයාව සහ අසම සම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි


1-2. (නබිවරය! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු. අල්ලාහ් එකම තැනන් වහන්සේය. (උන්වහන්සේ) අල්ලාහ්ට (කිසිවෙකුගෙන්) අවශ්‍යතාවයක් නැත. (සියල්ලන්ම උන්වහන්සේගේ දයාවම බලාපොරොත්තුවෙන් සිටින්නෝය)

3. උන්වහන්සේ (කිසිවෙකු) ප්‍රසූත කළේද නැත. (කිසිවකු විසින්) ප්‍රසූත කරනු ලැබුවේද නැත. (එබැවින් උන්වහන්සේට පියෙක්ද නැත. දරුවන්ද නොමැත)

4. තවද උන්වහන්සේට සමාන වන කිසිවක්ද නැත.

Popularity: 4%

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*