එකසිය හත් වන පරිච්ඡේදය – 107 සූරාව (මක්කා හිදී පහළ විය)
මාඌන් හෙවත් සුළු වස්තූන්
අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,
1- 3. (නබි වරය! පරලොව) විනිශ්චය බොරු කරන්නාව ඔබ (අවධාරණය කර) බැලුවෙහිද? අනාථයින්ව එළවන්නේ ඔහුය. ඔහු දිළිඳුන්ට (ආහාර නොදෙන අතර) ආහාර දෙන ලෙසට (අන් අයව) පොළඹ වන්නේද නැත.
4-5. තවද තම *සලාතයෙහිද නොසැලකිලිමත්ව සිටින (නය වංචක) සලාත් කරන්නන්ටද (අත්වන්නේ) විනාශයයි!
6. ඔවුන් (සලාතය ඉටු කලද ජනතාවට) පෙන්වීමට සලාත් කරන්නෝය.
7. (ඉඳිකටු වැනි) සුළු දෙයක් හෝ (පාවිච්චියෙන් පසු ආපසු දෙන සුළු උපකාරයක් කිරීමෙන් පවා) වැලකෙන්නෝය.
* සලාතය අරාබි වචනයකි. එහි සිංහල අරුත නැමදුම වේ.
Popularity: 6%

Sinhala Unicode Font Download
නවතම Comments