එකසිය හය වන පරිච්ඡේදය – 106 සූරාව (මක්කා හිදී පහළ විය)
කුරෛශ් හෙවත් කුරෛශ් වරුන්
අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,
1- 4. *1. කුරෛශ් වරුන්ට (සංචාරයෙහි) කැමැත්ත ඇති කර ශීත සෘතුව හා ග්‍රීෂ්ම සෘතුවට අයත් සංචාරයෙහි නියැලීමට කැමැත්ත දක්වන ලෙසට පත් කිරීම ගැන (ස්තූති වන්ත වීම පිණිස *2. කාඃබාව වන ) මෙම නිවසෙහි හිමිවම ඔවුන් නැමදීමටද ඔහු (සී සා නොවපුරා මෙම වෙලඳ සංචාරය මගින්) ඔවුන්ගේ කුස ගින්නට ආහාර ලබා දෙන්නේය. (ගමන් බිමන් හි ඇති වී තිබූ මිනිස් ඝාතන සහ මංකොල්ල කෑම් ආදී දරුණු) බියෙන්ද ඔවුන්ට ආරක්ෂාව සැපයුවේය.
*1. කුරෛශ් යනු එකල මක්කාවේ විසු වංශවත් ගෝත්‍රයයි. මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ද කුරෛශ් වංශිකයෙකි.
*2. කාඃබාව යනු මක්කා නුවර තිබෙන ලෝක මුස්ලිම් වරුන්ගේ කේන්ද්‍රස්ථාන යයි. මෙය හතරැස් ගොඩනැගිල්ලකි. කළු පැහැති තිරයකින් මෙය ආවරණය කර ඇත. මෙහි ඇතුලත කිසිවක් නොමැත. ලෝකයේ නන්දෙස වෙසෙන මුස්ලිම් වරුන් තම නැමදුම කාඃබාව දෙසට මුහුණලා ඉටු කරති.
Popularity: 6%

Sinhala Unicode Font Download
නවතම Comments