එකසිය පස් වන පරිච්ඡේදය – 105 සූරාව (මක්කා හිදී පහළ විය)
අල්-ෆීල් හෙවත් ඇතා
අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,
1. (නබි වරය! අබ්රහාගේ) ඇත් සේනාවන් ඔබ හිමි කෙසේ (විනාශ) කර දැමුවේදැයි ඔබ (මෙනෙහි) කර නොබැලුවෙහිද?
2. ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔහු අපතේ නොදැමුවෙහිද?
3. ඔවුන් වෙත අබාබීල් නැමති පක්ෂීන් රංචු වශයෙන් එව්වේය.
4. (කැට ගැසුණු) පුළුස්සන ලද කුඩා ගල් කැට ඔවුන් මත හෙළුවෝය.
5. එමගින් (පක්ෂීන්) කොටා අනුභව කිරීමෙන් පසු ඉතිරිවූ කරල් මෙන් උන්වහන්සේ ඔවුන්ව පත් කර (විනාශ) කර දැම්මේය.
Popularity: 10%

Sinhala Unicode Font Download
නවතම Comments