පරිශුද්ධවූ අල්-කුර්ආනය 109 වන පරිච්ඡේදය

එකසිය නම වන පරිච්ඡේදය – 109 සූරාව (මක්කා හිදී පහළ විය)

කාෆිරූන් හෙවත් විශ්වාස නොකරන්නෝ

අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,

1- 3.  (නබි වරය! ප්‍රතික්ෂේප කරන මක්කා වාසිනට)  ඔබ මෙසේ පවසනු. අවිශ්වාස වන්තයිනි! ඔබ නමදින දැය මා නොනමදින්නෙමි. මා නමදින දැය ඔබ නැමදුවේ නැත.

4-6. (එසේම) මින් පසුද ඔබ නමදින දැය මා නොනමදින්නෙමි. මා නමදින දැය මින්පසු ඔබද නොනමදින්නහුය. ඔබගේ (අපරාධයට සරිලන) ඵල විපාක ඔබටද මගේ (ක්‍රියාවට සරිලන) ඵල විපාක මටද ලැබෙන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *